චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවා යානයන් සති 04 ක කාලයක් සඳහා අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව චීන මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙලෙස තාවකාලික ගුවන් සේවා තහනමක් පැනවීමට තීරණය කිරීමට හේතුව වී ඇත්තේ ආගොස්තූ 07 වෙනිදා චීනයේ ෂැංහයි නුවරට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට සෞඛ්‍ය බලධාරින් තහවුරු කිරිමයි.

