රුසියානු යුක්රේන යුද්ධයේ දී යුක්රේනය විසින් මෙතෙක් එල්ල කරන ලද දැවැන්තම ප්‍රහාරය අද දිනයේ එල්ල කර ඇතැයි වාර්තා වෙනවා .
දේශසීමාවේ සිට කිලෝමීටර් සිය ගණනක් දුරින් පිහිටි කලාප කිහිපයක් හරහා රුසියාවේ පතොරම් බෙදා හැරීමේ සහ රසායනික කර්මාන්තශාලාවක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා .
එක්සත් ජනපදය විසින් සපයන ලද ඇටැක්ම්ස් මිසයිල මෙන්ම එක්සත් රාජධානියේ නිෂ්පාදිත ස්ටෝම් ෂැඩෝ කෲස් මිසයිල ද යුක්රේනය විසින් මෙහි දී භාවිතා කර ඇති බවයි රුසියාව සඳහන් කරන්නේ .
මෙම ප්‍රහාරය හේතුවෙන් මධ්‍යම සහ බටහිර රුසියාවේ අවම වශයෙන් ගුවන් තොටුපළවල් නවයක් ගමනාගමනය තාවකාලිකව නතර කර දැමු අතර නිරිතදිග සරතොව් කලාපයේ පාසල් වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා .
යුක්රේනය එල්ල කළ බැලැස්ටික් මිසයිල 05ක් සහ ඩ්‍රෝන යානා 200ක් විනාශ කිරීමට හැකි වූ බවයි රුසියානු හමුදා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

