අගුණුකොළපැළැස්ස සමූපකාර ඡන්දයෙන් මාලිමාව පරාජයට

හම්බන්තොට – අගුණුකොළපැළැස්ස අංක 09 සමූපකාර ප්‍රාදේශිකයේ නිලවරණයෙන් ජාතික ජනබලවේගය පරාජයට පත්ව තිබෙනවා.

ඒ අනූව එහි බලය තහවුරු කරගැනීමට සමත්ව ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් විසින් වනවා.

එම ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 143ක් වන අතර ලබාගෙන ඇති මන්ත්‍රී සංඛ්‍යාව 9ක් වනවා.

ජාතික ජනබලවේගයේ කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 128ක්.

අදාල නිලවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 284ක් බවත් අවලංගු ඡන්ද ප්‍රමාණය 13ක් බව දැක්වෙනවා.

මෙම නිලවරණය ඊයේ (10) පවත්වා තිබෙන අතර එහිදී ජාතික ජනබලවේගයේ කණ්ඩායම පරාජයට පත්වීම විශේෂත්වයක් වනවා.