කොටස් වෙළඳපොළ තවදුරටත් පහළට

අඛණ්ඩව වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළඳපොළේ අද දිනයේ (07) තවදුරටත් පසුබෑමට ලක් වූ ඇති අයුරු දක්නට ලැබුණා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23.96කින් හෙවත් (0.15%) කින් පහත වැටී තිබෙනවා.

එබැවින් එම අගය සටහන් වූයේ ඒකක 15,854.64 ක් ලෙසයි.

මේ අනූව අද පිරිවැටුම රුපියල් බිලියන 4.5ක් ලෙස වාර්තා වනවා.