ගෝලීය වායු තත්ත්ව නිරීක්ෂණ සංවිධානයක් වන IQAir විසින් නිකුත් කරන ලද නවතම වායු තත්ත්ව දර්ශකයේ (AQI) ශ්‍රේණිගත කිරීම්වලට අනුව, පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි යන නගර ලෝකයේ වඩාත්ම දූෂිත නගර අතරට ශ්‍රේණිගත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භයානක AQI 354ක අගයක් සහිත ලාහෝරය එහි වෙසෙන මිලියන 11කට වැඩි ජනගහනයකට දැඩි සෞඛ්‍ය අවදානමක් ඇති කරමින්, “අනතුරුදායක” ලෙස ලේඛනගත කර ඇති බවයි.
මෙම අනතුරුදායක වාතයේ ගුණාත්මක භාවයට මූලික වශයෙන් හේතුවී ඇත්තේ රථවාහන විමෝචනය, කාර්මික දූෂණය සහ වගා කටයුතු සඳහා සිදු කරන ගිනි තැබීම් ආදියයි.
දිනෙන් දින නරක අතට හැරෙන වාතයේ ගුණාත්මකභාවය ලාහෝරයේ සෞඛ්‍ය අර්බුදයක් අවුලුවා ඇති අතර, පසුගිය මාසය තුළ පමණක් මිලියන 1.8කට අධික පදිංචිකරුවන් රෝගාතුර වී තිබෙනවා.
ඔවුන් අතරින් රෝගීන් 129,229 දෙනෙකු රෝහල්ගත වීම් සහ ප්‍රතිකාර ලබා ගැනීම් සිදු කර ඇත්තේ ශ්වසන ආබාධ සඳහායි.
තවද, මිලියන 6.1 කට වැඩි පිරිසක් හෘද රෝගවලින් පෙළෙන බව හඳුනාගෙන තිබෙනවා.
ලාහෝරයේ පුද්ගලයන් 69,399ක් දිනකට ශ්වසන අපහසුතා, පපුවේ වේදනාව හෝ විෂ සහිත දුමාරය හේතුවෙන් ආඝාතය වාර්තා කරන බව සඳහන්.

