රුපියලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.00 ක් සහ විකුණුම් මිල රු. 297.58 ක් ලෙස සටහන්ව තිබෙනවා.