2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වනවා.
ඒ අනුව සියලුම පාසල් වල 2024 අධ්‍යන වර්ෂයට අදාළ තෙවන වාරය අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත් වෙනු ඇත.
පාසල් ආරම්භයෙන් අනතුරුව හෙට (03) සිට අවසන් පාසල් වාර විභාගයන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
2025 අධ්‍යන වර්ෂයේ වසරේ නව පාසල් වාරය ජනවාරි මස 27 වන දින ආරම්භ වීමට නියමිත අතර එය මාර්තු මස 14 වන දින තෙක් පැවැත්වේ.
මේ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසර සඳහා පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් ආරම්භය ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සිදුකිරීමට නියමිතය.
2025 වසරේ පළමු වාරයේ දෙවැනි පාසල් වාරය අප්‍රේල් 1 වනදා සිට අප්‍රේල් 11 වන දින තෙක් පැවැත්වෙන අතර අවසන් අදියර අප්‍රේල් මස 21 වන දින සිට මැයි මස 9 වන දා දක්වා පැවැත් වේ.

