රටේ අලුත් පරිවර්තනයක් ඇති කිරීමේ අභියෝගය රජය සතුයි – ජනපති

නව වසරේ මුළු රටම අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Clean Sri Lanka ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

Clean Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජනාධිපති කාර්යාලයේදි අද(01) පෙරවරුවේ ආරම්භ කෙරුණේ, ජනාධිපතිවරයා ජාතික ධජය එසවීමත් සමගයි.

මෙම අවස්ථාවට අග්‍රමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Clean Sri Lanka වෙබ් අඩවිය එළිදැක්වීම ද මෙහි දී සිදු කෙරුණි.