ශ්‍රී ලංකා රේගුවට වාර්තාගත ආදයාමක්

2024 වසරේදී රේගු දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 1. 5 ක් ඉක්මවූ ආදායමක් උපයා තිබෙනවා.

එය එම දෙපාර්තමේන්තු ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම ලෙසයි වාර්තා වෙන්නේ

රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ඉහළ යාම හා රේගු කළමනාකාරිත්වය විසින් සිදු කරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම ඉහළ ආදායමක් උපයා ගැනීමට හේතු වූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ කියා සිටියේ