පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් දැනුම් දීමක්

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දක්වා ඇත්තේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භය ජනවාරි මස 30වන බ්‍රහස්පතින්දා දින සිදුකරන බවය.