Clean Sri Lanka අනිද්දා සිට වැඩ අරඹයි

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත “Clean Sri Lanka” වැඩසටහන අනිද්දා (01) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

“Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පසුගිය දා ස්ථාපිත කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකුගෙන් එම ජනාධිපති කාර්ය සාධක බළකාය සමන්විත වනවා.

“Clean Sri Lanka” වැඩසටහන නියමිත කාලසීමාව තුළ සැලසුම් කිරීම, මඟපෙන්වීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සම්පූර්ණ කිරීම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති වගකීම් වේ.