15 වෙනිදාට පෙර වත්කම් බැරකම් භාර දෙන ලෙස දැනුම් දීමක්

ලබන පෙබරවාරි  මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

මේ අනුව  මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙමින් සිටින බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දූෂණ විරෝධී නව පනතේ 82(අ) වගන්තිය ප්‍රකාරව සියලුම මන්ත්‍රීවරුන්  එම මන්ත්‍රී ධූරවලට පත් වී මාස තුනක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වනවා.