නත්තල් දිනයේත් රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති මුලස්ඨාන වෙත අමානුෂික ප්රහාර එල්ල කර ඇති බව යුක්රේනයේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා .
එසේම ඔහු පෙන්වා දෙන්නේ රටේ විවිධ ප්රදේශ ඉලක්ක කර ගනිමින් මිසයිල ප්රහාර ද එල්ල කර ඇති බවයි .
රුසියාව විසින් යුක්රේනයේ විදුලිබල ජාලයට විශාල ප්රහාරයක් එල්ල කළ දහතුන්වන අවස්තාව මෙය බවයි එරට විශාලතම බලශක්ති සැපයුම්කරු වන DTEK සඳහන් කරන්නේ .
ප්රහාර වලින් නැගෙනහිර Dnipropetrovsk ප්රදේශයේඅවම වශයෙන් එක් අයෙකු මිය ගොස් ඇති අතර රුසියානු දේශසීමාවේ සිට සැතපුම් 20 කට වඩා අඩු දුරින් පිහිටි Kharkiv හි තවත් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යුක්රේනයේ ජාතික පොලිසිය පැවසුවේ ප්රහාරයෙන් නේවාසික ගොඩනැගිලි සහ සිවිල් යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇති බවයි
“අද පුටින් හිතාමතාම ප්රහාරයක් සඳහා නත්තල තෝරා ගත්තේය. වඩා අමානුෂික විය හැක්කේ කුමක් ද? ” යනුවෙන් ද යුක්රේන ජනපති සඳහන් කරනවා.

