පාකිස්තාන හමුදාව ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කරයි

පකිස්තාන හමුදාව විසින් ඊයේ රාත්‍රියේ ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ ටෙහ්රීක්-ඊ-තලිබාන් පකිස්තාන් (TTP) සන්නද්ධ කණ්ඩායමේ සැඟවුණු ස්ථාන ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ හමුදා මාධ්‍ය අංශය වන අන්තර් සේවා මහජන සම්බන්ධතා (ISPR) විසින් නිල වශයෙන් නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැහැ.

කෙසේවෙතත් ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් ඇති බවයි තලෙයිබාන් සංවිධානය සඳහන් කරන්නේ.

මියගොස් සිටින පිරිස අතරින් වැඩි පිරිසක් දරුවන් සහ කාන්තාවන් වන බවයි ඔවුන් පවසන්නේ.