කොළඹ ආරක්ෂාවට පොලිස් නිලධාරින් 6,500ක්

උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අදත්(24) ක්‍රියාත්මක වනවා.

කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6,500ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.

එසේම සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් 600ක් පමණ යොදවා තිබෙනවා.

මේ අතර දිවයිනේ අනෙකුත් නගරවල ආරක්ෂාව සඳහා ද පොලිස් නිලධාරීන් 45,000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.