පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 13.08% කින් ඉහළට

පසුගිය නොවැම්බර් මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 13.08කින් ඉහළ ගොස් ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කරනවා.

ඒ තුළින් ඩොලර් මිලියන 70ක ආදායමක් උපයාගෙන ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම, මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන තුළින් ඩොලර් මිලියන 782ක ආදායමක් උපයා තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වල අපනයනයේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.