වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 19ක් දිවයිනට

2024 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,900,000 ඉක්මවා තිබෙනවා.

ඉන් වැඩිම විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 383,257ක් වනවා.

දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිස වන 180,414 දෙනෙකු රුසියාවෙනුත් තෙවැනියට එක්සත් රාජධානියෙන් 166,999 දෙනෙකුත් දිවයිනට පැමිණ තිබෙන බව සඳහන්.