රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

‘ජනපති ප්‍රදානය’ නමින් රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳව සංසරණය වන පුවත අසත්‍යක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එවැනි වැඩසටහනක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවත් මේ වනවිට සංසරණය වන බවය.

එවැනි රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳව තීරණයක් ගෙන ඇත්නම් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහජනතාව හා ජනමාධ්‍ය වෙත දැනුම් දීම රජයේ ක්‍රමවේදය වන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එබැවින් එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පිළිගැනීමෙන් හෝ හුවමාරු කිරීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

අදාළ නිවේදනය පහතින් ,