ලොවපුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන වසරේ අවසාන පොහොය වන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබේ.
ශාසනික සහ ඓතිහාසික වැදගත් සිදු වීම් රැසක් අද වන වූ උඳුවප් පොහෝ දිනයක සිදු වී තිබෙනවා .
සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනකය.
එහි දී දේවානම්පියතිස්ස රජතුමා කරවටක් මුහුදේ බස ඒ බෝධි ශාඛාව රන් පාත්‍රයක පිළිගත් බවයි ඉතිහාස කතා සන්ධාන් කරන්නේ.
සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සස්න පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව තිබේ.
උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපා වන්දනා සමය ආරම්භ වීමය.
ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද මළුව වෙත වැඩම කරවීම අද අළුයම සිදු කෙරනු ලැබුවා.

