කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අදත් (13) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය තුළ දී 169.53කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගියේය.
අද දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,205.34ක් ලෙසට ය.
මෙය මෙතෙක් එම මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙසයි දැක්වෙන්නේ.
දිනයේ පිරිවැටුම රු බි 6.1ක් ලෙස සටහන් වනවා.

