සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ අංගොඩ ලොක්කා විදේශයක සිට එවූ බව කියන උකුස්සෙකු නාවලමුල්ල ඌරු කොටුවක කුඩුවක රදවා සිටිය දී පුද්ගලයන් දෙදෙනෙක් සමග පොලිස් භාරයට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි. එම ඌරු කොටුවේ සගවා තිබූ වායු රයිෆලයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් භාරයට ගත් මෙම උකුස්සා මත්ද්‍රව්‍ය ප්රවාහණය සදහා පුහුණු කල එකෙක් දැයි සැක කරන බව අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රදාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතා පවසා තිබෙනවා.

