Mark Zuckerberg ගේ Meta සමාගම විසින් එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අරමුදලට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර ඇති බව The Wal Street Journal වාර්තා කරනවා.
සිය මැතිවරණ ව්‍යාපාරයට විවිධ තාක්ෂණික සමාගම් විසින් සිදු කරන ලද මැදිහත් වීම් සඳහා ප්‍රතිවිපාක ඇති විය හැකි බවට ට්‍රම්ප් විසින් විවෘතව තර්ජනය කිරීමෙන් පසුව මෙම පරිත්‍යාගය සිදු කර තිබීම විශේෂත්වයක් .
ජනවාරි 6 කැපිටල් කෝලාහලයෙන් පසු ට්‍රම්ප්ගේ ගිණුම අත්හිටුවීමේ ඇතුළු විවිධ හේතුන් නිසා Zuckerberg සහ ට්‍රම්ප් අතර විවිධ ගැටළු ඇති පවතිනවා .
කෙසේවෙතත් මේ වන විට ඔවුන් දෙදෙනා අතර යම්තාක් දුරට හොඳ හොඳක් ඇති වී ඇති බවයි විචාරකයන් සඳහන් කරන්නේ .
පසුගිය දා පැවති උත්සවයක් අතරතුර දී Zuckerberg විසින් ට්‍රම්ප්ට Meta’s Ray-Ban ස්මාර්ට් කණ්ණාඩි යුගලයක් ද තෑගී කරනු ලැබුවා .

