ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ තරග සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී නවසීලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

එළැඹෙන දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී මෙම තරග සංචාරය සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එහිදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරග 03ක් සහ විස්සයි20 තරග 03ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

විස්සයි 20 තරග පැවැත්වෙන්නේ දෙසැම්බර් 28, 30 සහ ජනවාරි 2 යන දිනවලදී වනවා.

එසේම එක්දින තරග පැවැත්වෙන්නේ ජනවාරි 05, 08 සහ 11 යන දිනවලදී ය.