ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 100ක්

ලබන වසරේදී මෙරට ජල සම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක සහන ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සැළසුම් කර තිබෙනවා.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක ඇතුලු පිරිසක් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් පිරිසක් අතර අද පැවති සාකච්චාවක දී මේ බව සඳහන් කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව මගින් ක්‍රියාත්මක කරන නාගරික සංවර්ධන හා ජල සම්පාදන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමද එහිදී සිදුකර තිබෙනවා.