මාධවී සහ කසුන් මඟ බලා ගෙන හිටපු එයාලගේ පුංචි පුතා මේ ලෝකෙට ආව ආරංචිය අපි හැමෝම දන්නවා …
අලුතෙන් ආව මේ පොඩ්ඩාට අඛිලගේ පොඩ්ඩෝ දෙන්නත් හරිම ආදරෙයි වගේ..
මේ බලන්නකෝ මාධවී ඒ ගැන එකතු කරලා තියෙන සටහන ,
“යන්තන් මාස ගානෙන් පොඩි මල්ලිගෙ අයියා වෙච්චි මගෙ සුදු මහත්තයා තියෙටර් එකට ගන්න කළිනුත් මල්ලි බන්ඩිය දෑතින් බදාගෙන හිටියා වගේ, දැක්ක තැන මල්ලිට උම්මා දෙන්න පණිනවා.. ඒ සංසාර පුරුද්දක් නිසාද, කිරි සුවඳ නිසාද, ලේ සුවඳ නිසාද කියලා නම් දන්නෙ නෑ හැබැයි දවසක මල්ලිට අයියා යෝධ හයියක් වෙයි කියලා විතරක් විශ්වාසයි!“



