සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා .
ඔහුගේ පත්වීම 2025 මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මක ය.
කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙසද ඔහු ඊට පෙර කටයුතු කරනු ලැබුවා.
පසුගිය ඉරිදා (08) සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් සිය ධුරයෙන් ඉවත්වී එරටින් පැනගියේය.
ඔහු මේ වනවිට රුසියාවේ රැකවරණය සහිතව සිටියි.
මේ අතර ඩැමස්කස් අගනුවර ඇතුළු ගුවන් තොටුපළ තුනක් සහ අනෙකුත් හමුදා යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල හමුදා සිරියාව පුරා මහා පරිමාණ ප්‍රහාර එල්ල කරමින් සිටිනවා .

