වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

කෙසේවෙතත් අද (10) පස්වරුව වනවිට එම තත්ත්වය ක්‍රමයෙන් අඩු වනු ඇති බවයි එහි අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ.

එසේම මෙම තත්ත්වය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇත්නම් වෛද්‍ය උපදෙස් ගන්නා ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙයි.