නිදහසින් පසු 2022 වසර දක්වාම සුරාබදු බලපත්ර නිකුත් කිරීමේදී රජය කිසිදු මුදලක් අය නොකළ බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ වන විටත් රටේ සෘජු බදු විශාල ලෙස අහිමි වීමේ ප්රවනතාවයක් පෙන්නුම් කරමින් තිබූ බවයි එහි සඳහන් වෙන්නේ.
රටේ පැවති දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩ ඒම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ක්රම සහ විධි කාරක සභාව ඒ වනවිට රජයට දැනුම් දී තිබූ බවද පැවසෙනවා.
ඒ අනුව, සෘජු බදු සීඝ්ර ලෙස අහිමි වීමට විකල්ප වශයෙන් රජයේ ආදායම වැඩිකර ගැනීමට මුදල් අයකර සුරාබදු බලපත්ර නිකුත් කිරීමට තීරණය කරනු ලැබූ බවද එහි දක්වෙනවා.
අදාළ නිවේදනය පහතින් ,





