වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක තත්ත්වය අද සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේ දිවයින පුරා වායු ගුණ තත්ත්වයේ අගය 90ත් 180ත් අතර අගයක පැවතිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.

යාපනය හා පොළොන්නරුව නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර මට්ටමක පවතිය හැක.

එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවද සදහන්.

දැනට පවතින තත්ත්වය අනුව, නුවරඑළිය, කලුතර හා හම්බන්තොට යන නගරවල පමණක් එය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.