සිරියානු කැරලිකරුවන් අගනුවරට ඇතුළු වෙයි

සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . .

ඒ දශකයකට අධික කාලයක් පුරා සිරියාවේ පැවති යුදමය වාතාවරණය තීව්‍ර කරමින් එරට ඩැමැස්කස් අගනුවරට උතුරින් පිහිටි ඇලැප්පෝ සහ හමා නගර යටත් කරගැනීමත් සමගයි.

කැරලිකරුවන් ඊයේ (07) ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයේ ද සිය පාලනයට නතු කර ගැනීමට සමත් විය.

අගනුවරට තදාසන්න පෙදෙස් රැසක් කැරලිකරුවන්ගේ පාලනයට යටත් වී ඇති අතර  සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෞද්ගලික ගුවන්යානයකින් රටින් පළාගොස් ඇත්තේ ඒ අනුවය.

වසර 54ක් පුරා සිරියාවේ පැවති කෘෘර අසාද් පාලනය මේ වනවිට බිඳ වැටී ඇති බව විචාරකයන් මත පළ කරනවා.

එමෙන්ම අසාද් පාර්ශ්වකරුවන් ද අගනුවරින් පළායාමට උත්සාහ කරමින් සිටින බව සඳහන්ය.

සිරියාවේ වඩාත් කුප්‍රකට රැඳිවියන් රඳවා ඇති ඩැමැස්කස් බන්ධනාගාරයට කඩාවැදුණු කැරලිකරුවන් එහි සිටි රැඳවූවන් නිදහස් කිරීමට ද පියවර ගෙන තිබුණි.

සිරියාවට සහාය දැක්වූ හිස්බුල්ලා සංවිධානයත් පසුබැස ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.