සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ සමයං නමැත්තාගේ සමීපතමයෙකු කඩුවෙල, කොරතොට, මැණිකාගාර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලිටර් 67 ක් සහ ගෝඩා ලීටර් 60 ක්ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩි දුරටත් පවසා තිබෙන්නේ.

