ගංවතුර පැවති ප්‍රදේශ වලට මී උණ අවධානමක්

පසුගියදා මෙරටට බලපෑ අයහපත් කාළගුණය සමග ජලගැලීම් පැවති ප්‍රදේශවල මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

රත්නපුර, ගාල්ල, කලුතර, අම්පාර, කුරුණෑගල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක වැඩි අවදානම් සහිත ප්‍රදේශ ලෙස හදුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ.

වසරේ ගත වූ කාලය තුළ මීඋණ රෝගීන් දසදහසක් පමණ වාර්තා වී තිබෙනවා.

වාර්ෂිකව මීඋණ හේතුවෙන් මෙරට පුද්ගලයින් 120 ත් 200ත් අතර සංඛ්‍යාවක් මිය යනවා.