වසරේ නිරූපිකාව සම්මානය පළමුවරට ලෙස සංක්‍රාන්ති ලිංගික කාන්තාවකට

අමෙරිකානු නිරූපිකාවක් වන ඇලෙක්ස් කොන්සානි (Alex Consani) ”වසරේ නිරූපිකාව” සම්මාන ලද, පළමු සංක්‍රාන්ති ලිංගික නිරූපිකාව බවට පත්ව තිබෙනවා.

පසුගිය සඳුදා ලන්ඩන් නුවර රෝයල් ඇල්බට් ශාලාවේ පැවති බ්‍රිතාන්‍ය විලාසිතා කවුන්සිලයේ විලාසිතා සම්මාන 2024 උත්සවයේදී ඇයට මෙම සම්මානය හිමි වුණා.

21 හැවිරිදි ඇය Chanel, Stella McCartney සහ Victoria’s Secret වැනි සන්නාම ඔස්සේ සිය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව තිබෙනවා .