දිව්‍යමය ත්‍යාගයක් ලෙස සලකනු ලබන ජපානයේ නිපදවන සාම්ප්‍රදායික වයින් වර්ගයක් වන ”Sake / සකේ” යුනෙස්කෝව විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පැරගුවේ ලූක් හි පැවති රැස්වීමකදී මානව වර්ගයාගේ සංස්කෘතික උරුමයන් සුරැකීමේ යුනෙස්කෝ කමිටුවේ සාමාජිකයින් විසිනුයි මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ .
ලොව පුරා සංස්කෘතික උරුමයන් සහ නිෂ්පාදන 45ක් ඔවුන් මේ සමඟම ලෝක උරුම ලෙස නම්කරනු ලැබුවා.
බ්‍රසීලියානු සුදු චීස්, කැරිබියන් කැසාවා පාන් සහ පලස්තීන ඔලිව් තෙල් සබන් ද ඒ අතරට ඇතුළත්.

