නැවත දැනුම් දෙනතුරු කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් නොකරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
පසුගිය ජනවාරි 01 වැනිදායින් පසු සුරාබදු බලපත්‍ර ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ සභාගත කර තිබුණා.
එම කාලය තුළ සුරාබදු බලපත්‍ර 361ක් නිකුත් කර ඇති අතර ඉන් 172ක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන අල්ලස් ලෙස ලබා දී ඇති ඒවා බවයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ.

