කොළඹ කොටස් වෙළඳපොලේ වාර්තා ගත ඉහළ යෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 171.69 කින් ඉහළ යමින් ඒකක 13,511.73ක් ලෙස සටහන් වුණා.

2022 ජනවාරි 19 වැනි දින සටහන් වූ පෙර වාර්තාගත ඉහළම අගයයි මෙසේ අද අභිබවා ගොස් තිබෙන්නේ.

මේ අනූව නව පිරිවැටුම රුපියල් බිලියන 5.2ක් ලෙසයි වාර්තා වන්නේ.