නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

මහනුවර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කර තිබූ 2වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි හා පර්‍යේෂණ සංවිධානය පවසනවා.

එසේම, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක පහ සඳහාද 1 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.