ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා සිය ධුරය වැඩ ආරම්භ කර තිබෙනවා
ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසටය.
2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමගින් සිය ගමන ආරම්භ කළ ජේ ෂා, ක්‍රිකට් පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත පුද්ගලයෙකි.
අහමදාබාද්හි පිහිටි ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු සිදුවූයේද ඔහු අධීක්ෂණය යටතේය.
2019 දී ජේ ෂා ඉන්දී ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI)සම්බන්ධ වූ අතර, එහි ලාබාලතම ලේකම්වරයා බවට ද පත්විය.
එසේම ඔහු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ICC හි මූල්‍ය හා වාණිජ කටයුතු කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කර තිබෙනවා .
“ICC සභාපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාර ගැනීමට ලැබීම මට ගෞරවයක් වන අතර ICC අධ්‍යක්ෂවරුන්ගේ සහ සාමාජික මණ්ඩලවල සහයෝගය සහ විශ්වාසයට කෘතඥ වෙනවා” යනුවෙන් ෂා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

