ආර්තාපල් සහ ලොකු ලූණු වලට තවදුරටත් බදු

අර්තාපල් සදහා වන දැනට පනවා ඇති රුපියල් 60ක් වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද එළඹෙන දෙසැම්බර් 31 වනදා දක්වා එලෙසින්ම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා

එමෙන්ම ආනයනික ලොකු ලූණු සදහා පැවති රුපියල් 30ක් වූ විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩු කර පවත්වාගෙන යාමටත් තීරණය කර තිබෙනවා .

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ දින සිට බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

දේශීය අර්තාපල් සහ ලොකුලූණු ගොවීන්ට තම නිෂ්පාදනයන්හි පිරිවැය ආවරණය වන පරිදි සාධාරණ මිලක් ලබා ගැනීමට හැකි වන අයුරින් පසුගිය ඔක්තොම්බර් මස 02 වනදා ආනයනික අර්තාපල් සදහා පැවති විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 60ක් සහ ආනයනික ලොකු ලූණු කිලෝවක් සදහා පැවති ආනයනික බද්ද රුපියල් 30ක් දක්වාත් ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබූ අතර එහි බලාත්මක කාලසීමාව ඊයේ දිනයෙන් අවසන් වුණා.