පැවති වර්ෂාපතනයත් සමග මල්වතු ඔය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, දැදුරු ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මෙම තත්වය සම්බන්ධයෙන් තවදුරටත් දැඩි අවදානයෙන් කටයුතු කරන ලෙසයි එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට දැනුම් දී ඇත්තේ .
පවතින අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 24කටම බලපෑම් එල්ල වී ඇති අතර සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 17ක්.
පුද්ගලයින් හාර ලක්ෂ 69,910 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින අතර, ආරක්ෂිත ස්ථාන 229ක තවදුරටත් පුද්ගලයින් සංඛ්‍යාව 27,517ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

