ලෝක AIDS දිනය අදයි

සෑම වසරකම දෙසැම්බර් 1 වන දින ලෝක AIDS දිනය සමරනු ලබනවා .

එය AIDS රෝගය පිළිබඳව දැනුවත් කිරීම, AIDS රෝගීන් කෙරෙහි ඇති වෙනස්කම් ඉවත් කිරීම සහ AIDS වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැත්වෙනවා .

මෙවර තේමාව වනුයේ “අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු” යන්නයි .

AIDS යනු HIV වෛරසය මගින් ඇතිවන රෝගයක් වනවා. මෙම වෛරසය ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන අතර එමඟින් ශරීරය ආසාදනවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව අඩු කරයි.

මේ හේතුවෙන් සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් පවා AIDS රෝගීන්ට මාරාන්තික විය හැකි වනවා .

මේ වන විට AIDS රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර බොහොමයක් සොයා ගෙන ඇති අතර එම ඖෂධ නිසි පරිදි භාවිතා කිරීමෙන් මෙම රෝගයෙන් ජිවිතයට වන බලපෑම බොහෝ සෙයින් අවම කර ගත හැකි වනවා.

AIDS යනු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වන අතර එය මව්කිරි දීමේ දී පවා මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීමේ අවසතාව තිබෙනවා .

කෙසේවෙතත් මේ සඳහා වූ ප්‍රතිකාර නිසි පරිදි ගැනීමෙන් මෙය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවය 0 මට්ටමටම අඩු කර ගත හැකි වනවා .

AIDS පරීක්ෂාවක් ඕනෑම රෝහලකින් පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයට ඉතාම පහසුවෙන් මේ වන විට කර ගත හැක .

ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජාතික සැමරුම් උත්සවය සහ පා ගමනක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ ගෝල්ෆෙස් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.