සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි

අද (30) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් වලට සමානව තම සමාගමේ ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරන බවයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් නව මිල රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල 309කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 188කි.

අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර නොමැති අතර එම මිල ගණන් පෙර පැවැති මිල ගණන් යටතේ අලෙවි වනු ඇත.