සෑම මිනිත්තු 10 කට වරක්ම සමීප සහකරුවෙකු හෝ සමීපතම ඥාතියෙකු අතින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනාවරණය කරනවා .
එසේම සෑම පැයකටම කාන්තාවන් හය දෙනෙකු සහ සෑම දිනකම කාන්තාවන් 140 දෙනෙකු මෙලෙස තමන් ආදරය ලැබිය යුතු පුද්ගලයන් අතින් ජීවිතක්ෂයට පත් වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ .
එක්සත් ජාතීන්ගේ කාන්තා සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කරන්නේ පසුගිය වසරේ පමණක්, තම සමීප සහකරුවෙකු හෝ පවුලේ සාමාජිකයෙකු විසින් හිතාමතාම කාන්තාවන් 51,000ක් ඝාතනය කර ඇති බවයි
2023 වසරේ දී දී ස්ත්‍රී ඝාතන 85,000ක් වාර්තා වී ඇති අතර ඉන් තුනෙන් දෙකක් හවුල්කරුවෙකු හෝ ඥාතියෙකු අතින් සිදු වූ බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ .
මෙම මරණ වලින් වැඩිම සංඛ්‍යාවක් අප්‍රිකාවේ සිදු වී ඇති අතර සංඛ්‍යාත්මක ලෙස කාන්තාවන් 21,700 ක් මරණයට පත් කර තිබෙනවා .
එසේම ආසියාවේ මරණ 18,500 ක්, ඇමරිකාවේ මරණ 8,300 ක් සහ යුරෝප මරණයේ 2,300 ක් එම වසරේ දී වාර්තා වී තිබෙනවා .

