Fengal සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද රාත්‍රී 07 දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා.
මේ හේතුවෙන් ගුවන් ගමන් වාර 20කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
සුළි කුණාටුවට පෙර අධික වර්ෂාපතනය සහ තද සුළං උත්සන්න වීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
සුළි කුණාටුව පැයට කිලෝ මීටර 90ක පමණ වේගයකින් අද පස්වරුවේ පුදුචේරී නගරයට ආසන්න ගොඩබිමට ළගා වනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.
මීට අමතරව පුදුචේරී හි සියලුම පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමටත් තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් චෙන්නායි මෙට්‍රෝ දුම්රිය සිය මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදු කරනු ලබන බවයි වාර්තා වෙන්නේ .

