කැරළිකරුවන් සිරියාවේ ඇලපෝ නගරයේ වැඩි කොටසක බලය අල්ලා ගනී

සිරියාවේ කැරලිකාරුවන් රටේ දෙවන විශාලතම නගරය වන ඇලපෝහි වැඩි කොටසක පාලනය තමන් සතු කරගෙන තිබෙනවා.

එක්සත් රාජධානිය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන Syrian Observatory (SOHR) නිරීක්ෂණ කණ්ඩායම මේ බව සඳහන් කර තිබෙනවා .

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන Hayat Tahrir al-Sham (HTS) සමඟ අනුබද්ධ නාලිකාවක පළ කරන ලද වීඩියෝවක ඇලපෝහි උප නගරයක් තුළ වාහනවල සිටින කැරලිකාර සටන්කරුවන් සිටින දර්ශන ද දැක්වෙනවා .

විදෙස් වාර්තා සදහන් කළේ, මෙම වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි සිදුකළ විශාලතම ආක්‍රමණය බවයි.

එමෙන්ම, 2016 දී රජයේ හමුදාව විසින් කැරලිකරුවන් ග්‍රහණයේ තිබූ මෙම නගරයේ බලය තමන් සතු කරගනු ලැබූ අතර ඉන් අනතුරුව පළමු වතාවටයි ඔවුන් මෙලෙස යලි එම නගරය ආක්‍රමණය කර ඇත්තේ.