අප්‍රිකානු සූකර උණ රෝගය යම් මට්ටමකට පාලනය කරයි

අප්‍රිකානු සූකර උණ රෝගය යම් මට්ටමකින් මේ වනවිට පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසා සිටියේ, රෝගය වැලඳී නොමැති ගොවිපළවල මස් නිවරදි ක්‍රමවේදය යටතේ මිනිස් පාරිභෝජනය සඳහා යෙදවීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම අප්‍රිකානු සූකර උණ රෝගය වැලඳීම හේතුවෙන් ගොවිපළ රැසක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එහි හිමිකරුවන් පෙන්වා දෙනවා.

එනිසා සිය ව්‍යාපාර යළි ගොඩනගා ගැනීම සඳහා වන්දි මුදලක් ලබාදීමට රජයෙන් පියවර ගතයුතු බව ඔවුන් සඳහන් කරන්නේ.