අයහපත් කාලගුණයත් එක්ක එළවලු මිල අහස උසට

මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය නිසා ඇති වුණු ගංවතුර හේතුවෙන් එළවලු වගාවන් බොහොමයක් වතුරෙන් යට වුණා.

මේ හේතුවෙන් වෙළඳපොලේ එළවලු මිල මේ වන විට විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ .

එසේම ඉදිරියේ දී එළවලු මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වෙළඳුන් සඳහන් කරන්නේ .

මාතලේ දිස්ත්‍රික්කයේ දෛනිකව වැඩිම එළවළු තොග සපයන නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඹන ගොවි සංවිධානය කියා සිටියේ, වර්ෂාව හේතුවෙන් සිය නිෂ්පාදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ගියද ඒවා මිලදී ගැනීම සදහා ව්‍යාපාරිකයින් නොපැමිණෙන බවයි.

අමු මිරිස් කිලෝවක් රු 800, තක්කාලි රු 400, මාළු මිරිස් රු 650, බෝංචි 400 යන මිල ගණන් යටතේ අලෙවි වනු ලබනවා .