ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී තිබෙනවා.
එහි රත්තරන් මෙට්‍රික් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම මෙම රන් නිධිය කිලෝමීටර 3 ක් පමණ පොළොව අභ්‍යන්තරය දිව යන බවයි සඳහන් වන්නේ.
හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය සඳහන් කරන්නේ රත්තරන්වල වටිනාකම ආසන්න වශයෙන් යුවාන් කෝටි 60,000 ක් පමණ (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 8300 ක් පමණ) වන බවයි.
ලෝපස් ගවේෂණ විශේෂඥයෙකු වන චෙන් රුලින් පවසන්නේ මෙහි මීටර් 2,000 පරාසයේ ඇති ලෝපස් ටොන් එකක උපරිම රත්රන් ග්‍රෑම් 138 ක් අඩංගු වූ බවයි.

