මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 1,776,889 දෙනෙකු පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 357,279ක් ලෙසයි සටහන්ව ඇත්තේ .
මීට අමතරව වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතරට රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය යන රටවල් ද ඇතුළත්.

