නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවත් දීර්ඝ කරයි

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත්කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම තව දුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා

ඒ අනූව මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමයි මෙසේ දීර්ඝ කර ඇත්තේ.

එමෙන්ම බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති 2 මට්ටමේ අනතුරු ඇඟවීම ද දීර්ඝ කර තිබෙනවා.

මේ අතර කොළඹ, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 1 මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා .